Spread the love

ග්‍රාමීය සංවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වයන් ඉහළ නංවාලීම ඉළක්ක කරමින් රජය විසින් ඉදිරි මාස කිහිපය තුළ රුපියල් බිලියන 20.6ක් වැය කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් නංවාලීමේ ව්‍යාපෘති රැසක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සැළසුම් කර තිබේ.

ඒ අනුව එම වැඩ කටයුතු සඳහා රජය විසින් රුපියල් බිලියන 20.6ක මුදලක් වැය කිරීමට පියවර ගන්නා බවජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

එම නිසා හැකි තරම් නව කෘෂිකාර්මික ව්‍යාපෘති සකසන්නැයි අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එම කෘෂිකාර්මික ව්‍යාපෘති ගම්මානවල ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වයන් ඉහළ නැංවීම, ඔවුන්ගේ යටිතලපහසුකම් සංවර්ධනය සහ නව කෘෂි තාක්ෂණය ඉළක්ක කර ගනිමින් සකසන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මෙම උපදෙස් දෙන ලද්දේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක් අමතමිනි