Spread the love


නිමල් රාජපක්ෂ-

ගණේවත්ත සිට කොළඹ කොටුව බලා ධාවන වු දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26) පෙරවරුවේ කාර්මික දෝෂයකට ලක්වී ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාර එම්.ජෙ.ඉදිපොලගේ මහතා පවසයි.
එම නිසා පිටුපසින් පැමිණෙ දුම්රියකින් අඹේපුස්ස දුම්රිය ස්ථානයට තල්ලුකර වෙනත් මාර්ගයකට දැමීමෙන් පසු දුම්රිය ධාවනය කරන බවද පැවුසුවේය.
මේ හේතුවේන් ප්‍රධාන මාර්ගයේ සියළුම දුම්රිය යක් ප්‍රමාදවී ධාවනය කෙරිණ. මෙසේ කාර්මික දෝෂයකට ලක්වී ඇත්තේ අද උදෑසන 6.30 පමණය.
කාර්මික දෝෂයට ලක්වු දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානයට පිටුපසින් පැමිණි දුම්රියකින් තල්ලුකර වෙතන් මාර්ගයට කට දමා මේ වනවිට දුම්රිය ධාවනයට යථා තත්ත්වයට පත්කොට ඇතැයිද දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.