Spread the love


නිමල් රාජපක්ෂ-

වෙසක් පොහොය දිනවල බෙදාහැරීමේ බලාපොරොත්තුවෙන් කොහොලාන, රජවත්ත, දියගම ප්‍රදේශ වල මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 3 කළුතර සුරාබදු නිලධාරින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාර දෙකෙහි තිබී කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 25250 ක්,ගෝඩා මිලි ලීටර් 1100000 ක් , දගර බැරල් ඇතුළු පෙරණ උපකරණ තොගයක් තිබු බව කළුතර සුරාබදු ස්ථානාධිපති ප්‍රදීප් ජයවර්ධන මහතා පවසයි.


සැකකරුවන් කොහොලාන රජවත්ත ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ කාලයක් තිස්සේ ඉතා සුක්ෂම අයුරින් මත්පැන් නිෂ්පාදනාගාර පවත්වාගෙන ගොස් ඇති අතර ඒ අසළින් ගලා බසිනා ජලපාරක් උපයෝගී කරගෙන මත්පැන් නිෂ්පාදනය සදහා ජලය ලබා ගෙන ඇතැයිද සුරාබදු නිලධාරීන් පවසයි.


නිෂ්පාදිත මත්පැන් කළුතර අවට ප්‍රදේශ වලට වෙසක් දිනවල බෙදාහැරීමට සැලසුම් කර ඇතැයිද සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරිමේදී අනාවරණය වි තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
සහකාර සුරාබදු කොමසාරිස් බස්නාහිර පළාත් 11 නාලක මලවිපතිරන මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී සුදත් කොලොන්න මහාතාගේ අධීක්ෂණය යටතේ , කළුතර සුරාබදු ස්ථානාධිපති ප්‍රදීප් ජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු පරීක්ෂක ධම්මික චතුරංග, සුරාබදු සැරයන් කෝසල සමන්ත , සුරාබදු කෝප්‍රල් වරුක්නක සි.ආර්. කුමාර, උමේෂ් ජයසූරිය, සුරාබදු නියාමක රාජපක්ෂ, කාන්තා සුරාබදු නියාමිකා දිල්හාරා සුරාබදු රියදුරු වරුන හා අලුත්ගම සුරාබදු නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම වැටලිම සිදු කළහ.