Spread the love

ඉතියොපියාවේ අඩිස් අබාබා සිට ඩෝහා – කටාර් හරහා මෙරටට පැමිණි කාන්තාවගේ ගමන් මල්ලේ තිබී රුපියල් මිලියන 200 ක් වටිනා කොකෙන් තොගයක් ගුවන් තොටුපල රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිලිපීන කාන්තාවගේ ගමන් මල්ලේ තීබි මිරිස් කුඩු, කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03 ක් සමග මෙම කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 සඟවා රැගෙනවිත් තිබියදී කොකේන් කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 851 ක් සොයාගෙන ඇත.
ඇය පිලිපීනයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන සහකාර ගණකාධිකාරීවරියක් බවට අනාවරණය වී තිබේ.
එම සැකකාර කාන්තාවගේ මිතුරියක් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් කළ දැනුම්දීමකට අනුව මෙලෙස මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇති බවට හෙළිවී තිබේ.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ ඒ සඳහා ඇයට අමෙරිකානු ඩොලර් 1,000ක මුදලක්, ගුවන් ප්‍රවේශ පත්‍ර සහ දින 5ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල්වල නැවතීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.