Spread the love

මෙරට කොටි ත්‍රස්තවාදීන් සිහිපත් කිරීමට එක්වූ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රධාන ලේකම් ඇග්නස් කැලැමාර්ඩ් ට හැකි නම් 2015 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් ප්‍රංශයේදී සමරන ලෙස තමන් අභියෝග කරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

දෙවොල දී මිය ගිය සික් ත්‍රස්තවාදින් සමරන්න. නැතිනම් 2008 දී මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගිය ත්‍රස්තයන්ව මුම්බායි හී දී සමරන්න. ඒ වගේම ඇග්නස්ට තිබුණානෙ තමන්ගේ මව්බිම වන ප්‍රංශයේ පැරිස් නුවරට ගිහින් ප්‍රංශ හමුදා අතින් මිය ගිය 2015 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් සමරන්න. ඇග්නස් ලංකාවේ දාන සෙල්ලම් තමන්ගේ මව්රටේ කරන්නේ නැත්තේ ඇයි? ඇග්නස් කුහක දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි? ඇග්නස් හොඳටම දන්නවා තමන්ගේ රටේ ත්‍රස්තවාදින් සමරන්න හැදුවොත් ආණ්ඩුව ඉඩ තියන්නෙත් නෑ. ජනතාව ඉඩ දෙන්නෙත් නෑ.

ඇමෙරිකාවේ 9/11 අල් කයිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණු ග්‍රවුන්ඩ් සීරෝ ස්ථානයට පෙනෙන මානයේ මුස්ලිම් පල්ලියක් හදන්න ඇමෙරිකානු ආණ්ඩුව ඉඩ දුන්නේ නෑ ජනතාව කුපිත වෙයි කියන බයෙන්. පුලුවන් නම් ආගමික නිදහසේ නාමයෙන් ග්‍රවුන්ඩ් සීරෝවලත් උද්ඝෝෂණයක් පවත්වන්න කියා අපි ඇග්නස්ට අභියෝග කරනවා. එහෙම කරනන් ගියොත් එය ඇගේ අවසන් චාරිකාව බවට පත්වෙනවා. මොකද ඇයගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කරනන් වෙන්නේ සිරගෙදරක.