Spread the love

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවුලපිටිය ,මීරිගම ,අත්තනගල්ල ,මහර,ගම්පහ,මිනුවන්ගොඩ ,ජා ඇල,කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගංවතුර අවදානමට ලක්විය හැකිය.

මේ අතර ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟෙහි කුඩා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවධානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් බුලත්සිංහල ,මදුරාවල හා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව එම අවධානම පවතියි.

අත්තනගලු ඔය හා කුඩා ගඟ ආශ්‍රිත පහත්බිම් සහ අතුරු මාර්ග රැසක් මේවන විට ජලයෙන් යටවී තිබේ.

මේ අතර මේවන විට නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් අවධානම් මට්ටමට ළඟාවී තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් අවධානම් මට්ටමට ළඟාවී ඇතිබවයි.