Spread the love

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකු සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයෙකු විසින් කරන ලද චෝදනාවක් මතයි.

ඉඩම් වන්දියකින් අල්ලස් ඉල්ලීමක් සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය ලේකම්වරයා තබා තිබූ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලස් කොමිසම වෙත ලිඛිතව දැනුම් දීමත් සමග පරීක්ෂණ ආරම්භ කර ඇත.

තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයෙකුගේ ඉඩමක් රජයට පවරා ගැනිමෙන් පසු ගෙවිය යුතු වන්දි මුදලක් අත්හිටුවන්නයි අදාල මාධ්‍ය අධ්‍යක්‍ෂවරයා දැනුම් දුන් බවත් තමන් මේ සම්බන්ධයෙන් අදාළ ඉඩම හිමිකරැගෙන් විමසීමේදී මාධ්‍ය අධ්‍යක්ෂවරයා තමන්ගෙන් අල්ලස් මුදලක් ඉල්ලා සිටින බව පැවසූ බවත් ප‍්‍රාදේශීය ලේකම්ගේ සටහනේ දැක්වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිසි ස්ථානවලට දැනුවත් නොකර සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තැබීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා පිළිබඳවද පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙයි.