Spread the love

නාගොඩ- සුමන

විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නායකයින් අද (09) රැස්වීමට නියමිත බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පවසයි.

සිය ඉල්ලීම් සඳහා රජය මෙතෙක් විසඳුම් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

වැටුප් කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් ආරම්භ කර අඛණ්ඩ වැඩවර්ජනය අද දිනයේද ක්‍රියාත්මක වෙයි.

වැඩවර්ජනය ආරම්භ කර අදට දින 08ක් ගත වෙයි.

තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේනම් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.