Spread the love

ඩුබායි සිට රුපියල් ලක්ෂ පහක් වටිනා දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයකු කටුනායකදි ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා 29 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පංදිකරුවෙකි.

කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසි කිරීමකදී සැකකරුව මෙලෙස කොටු කර ගැනීමට හැකිවි තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සිද්ධිය පිළිබද වැඩි දුර පරීක්ෂණ පවත්වයි.