Spread the love

නාගොඩ -සුමන

යෝජිත විදුලි පනත් කෙටුම්පතට අදාළ යෝජනාවලිය ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත බාරදෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුලක්ශන ජයවර්ධන මහතා පවසයි

අදාළ යෝජනාවලිය සකස් කිරීමේ කටයුතු මේවන විට අවසන් අදියරේ පවතියි.

අදාළ යෝජනාවලිය අධ්‍යනය කර නව විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ ප්‍රකාශ කිරීමට මාසයක පමණ කාලයක් ගතවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

මීලග විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී විදුලි බිල අඩුකිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේය.

මීළඟ විදුලි ගාස්තු සංශෝධනය මෙම මාසය තුළ සිදුකිරීමට නියමිත බවද වැඩි දුරටත් පැවසුවේය.