Spread the love

බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ Ben Mellor සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (06) සිදුවිය.

මෙම හමුව සඳහා බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී Humairaa Hatia සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick ද, පළමු ලේකම් Tom Soper ද, ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් ​ද එක්වීඇත.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය, කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්ත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ බවයි එම පක්ෂය සඳහන් කළේ.