Spread the love

නාගොඩ- සුමන

2024 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් හිමිකම් සහ විරෝධතා ගොනු කිරීමට දී තිබූ කාලය හෙටින් (06) අවසන් වන බවත් ,නැවත දීර්ඝ කිරීමක් නොකරන බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

ඒ අනුව ග්‍රාම නිලධාරීවරුන් හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
ඊට අමතරව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා ද ඒ සඳහා අයැදුම් කළ හැකිය.
මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාව ලබන අඟහරුවාදා (07) රැස්වීමට නියමිත බව සභාපතිවරයා පැවසීය.
එහිදී කොමිසමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.