Spread the love

ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන මුදල් ඒකකයක් බවට රුපියල අද වන විට පත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වසරේ මුල් මාස හතර තුළ පමණක් රුපියල ලොව සෑම මුදල් ඒකකයක් සමග ම සැසඳීමේ දී කැපී පෙනෙන වර්ධනයක් අත් කර ගෙන ඇති බවයි.

මුල් මාස හතර තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 9.1%ක වර්ධනයක් අත් කරගෙන ඇති රුපියල යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 12.7%ක වර්ධනයක් අත් කරගෙන ඇත.

ස්ටලින් පවුමට සාපේක්ෂව 10.8%ක සහ චීන යුවාන් මුදල් ඒකකයට සාපේක්ෂව 11.4%ක වර්ධනයක් රුපියල හිමි කරගෙන ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 21%කින් ද ඉන්දියානු රුපියලට සාපේක්ෂව 9.5%කින් ද වර්ධනය වී ඇති රුපියල ඕස්ට්‍රෙලියානු ඩොලරයට සාපේක්ෂව 14.2%කින් වර්ධනය වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.