Spread the love

නාගොඩ- සුමන

තමන් අයදුම් නොකල විෂයන් සහිත ප්‍රවේශ පත්‍ර ලද අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින පෞද්ගලික අයදුම්කරුවන්ගෙ ගැටලු නිරාකරණය කර ඇතිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාගයට පෙනීසිටිමට නියමිත පෞද්ගලික අයදුම්කරුවන් දස දහසකට වැඩි පිරිසකට යොමුකර අයදුම්පත් එලෙස යළි නිවැරදි කර තිබේ.
තාක්ෂණික ගැටලුව හේතුවෙන් පැනනැගුනු එම ගැටලුව නිරාකරණය කර ඒ සම්බන්ධයෙන් අදාළ පාසල් වලට දැනුම් දී තිබේ.
සාමාන්‍ය පෙළ විභාගය ලබන 06 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
විභාගය සඳහා අයදුම්කරුවන් හාර ලක්ෂ පනස් දෙදහස් නමසිය හැත්තෑ දෙදෙනෙකු පෙනීසිටිමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර විභාග මධ්‍යස්ථාන පවත්වාගෙන යන පාසල් වලින් 35% ආසන්න ප්‍රමාණයක් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බවට හඳුනා ගෙන ඇතිබව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.