Spread the love

අම්පාර සිට නීත්ත දක්වා ගමන්ගත් පාසැල් සිසුසැරිය බස් රථයක් සහ අක්කරපත්තුව සිට අම්පාර දක්වා ගමන් කරමින් තිබු ලංගම බස් රථයක් අද දහවල් 2.30ට පමණ මුහුණ ට මුහුණ ගැටීමෙන් බස් රථයේ ගමන් ගත් පිරිස තුවාල ලබා ප්‍රතිකාර සදහා අම්පාර රෝහලට ඇතුළු කර තිබේ.

අනතුර සිදුව තිබූ අතර, ලංගම බස් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යෑමේ දීය.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ බස්රථ රියදුරන් දෙදෙනාය.

අනතුර පිළිබඳ සැලවීමත් සමග දෙමාපියන් දරුවන් සොයා කලබලයෙන් දිව ආ බව වාර්තාවිය

අනතුර හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද හට ගෙන තිබූ අතර, මේ වනවිට මාර්ගය යථා තත්ත්වයට පත්ව ඇත.

දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වේ.