Spread the love

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂ​ණ රුක්ෂාන් මහතා පවසයි.

ඒ අනුව කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බවයි ඒ මහතා සදහන් කළේ.

මේ අතර කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.