Spread the love


උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් හෙට(24) ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා මෙරටට පැමිණීම නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර මත 2011 වසරේ දී ආරම්භ කෙරුණි.
එමගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවත් එක්කිරීමට නියමිතයි.
මීට අමතරව පානීය ජල සැපයුම සහ කෘෂිකාර්මික අවශ්‍යතා සදහා ජලය සැපයීම ද මේ යටතේ සිදුකිරීමට නියමිත බව එම අමාත්‍යංශය පවසයි.

මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසයි.