Spread the love

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය එළඹෙන අප්‍රේල් 24 දින ජනතා අයිතිය ට පත්කිරීම සඳහා සියළු කටයුතු සූදානම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය

එළඹෙන අප්‍රේල් 24 දින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ සහ ඉරාන ජනාධිපති ඉබ්‍රහීම් රයිසි මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතිය ට පත්කිරීම ට සියළු සැලසුම් සකස් කර තිබෙන බව සඳහන් කළ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර, එහි ප්‍රතිලාභ ජනතාව ටත් රටට ත් අත්කර දීමට හැකිවීම ජයග්‍රහණයක් බව ද කියා සිටියාය.

අමාත්‍ය වරිය මුලින් ම ගමන් ගත්තේ ඩයරබා ජලාශයට වන අතර ඉන් අනතුරුව පුහුල්පොල ජලාශයේ නිරීක්ෂණය කළා ය.

අනතුරු ව ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ පිහිටි උමාඔය ජල විදුලි බලාගාරය වෙත පැමිණි අමාත්‍ය වරිය එහි ජනන කටයුතු නිරීක්ෂණය කළා ය.

මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක් නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතිය ට සම්බන්ධ කිරීම ත්, මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 15000 කට යල මහ දෙකන්නයේ ම ජලය සැපයීමට හැකිවීම ත්, තුලින් එම ප්‍රදේශ වල ජනතාව ගේ ජීවනෝපාය සංවර්ධනය ට විශාල පිටිවහලක් ලැබෙන බව ද අමාත්‍ය වරිය පෙන්වා දුන්නා

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය 24 දින ජනතා අයිතිය ට පැවරේ.

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ දැවැන්ත බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය ක් වන උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය එළඹෙන අප්‍රේල් 24 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඉරාන ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම ට සියළු කටයුතු සංවිධානය කර තිබේ.

මේ වන විට උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කර ඇති අතර විදුලිය ජනන කටයුතු සඳහා පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක් නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතිය ට එක්කිරීම වන අතර
එමෙන්ම කෘෂිකාර්මාන්තය සහ පානීය ජලය සැපයීම ද අනෙකුත් ප්‍රධාන අභිලාෂයන් අතරට ඇතුළත් වේ.

ව්‍යාපෘතිය 2010 වසරේ නිල වශයෙන් ආරම්භ කරනු ලැබූ අතර, ඒ සඳහා ඇස්තමේන්තු කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514කි.

ඉරාන රජයේ කොන්ත්‍රාත් සමාගම ක් වන ෆරාබ් ආයතනය මඟින් සියළු ඉදිකිරීම් සිදුකරන අතර වාරිමාර්ග අමාත්‍යාංශය, වෙනුවෙන් (Central Engineering Consultancy Bureau) ඉංජිනේරුමය කාර්‍ය න් පිළිබඳව මධ්‍යම උපදේශන කාර්‍යංශය නිරීක්ෂණ කටයුතු සිදුකරයි.