Spread the love

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා නොමිලේ සහල් බෙදාදීම මේවන විට ක්‍රියාත්මක බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.

සහල් කිලෝග්‍රෑම් 20 බැගින් එලෙස ලබාදීමට නියමිතයි.

අප්‍රේල් මාසයේ දී කිලෝග්‍රෑම් 10ක් ද මැයි මාසයේ කිලෝග්‍රෑම් 10ක් ද ලෙස එම සහල් ලබාදීමට නියමිතයි.

අප්‍රේල් මාසයේ ලබාදීමට නියමිත සහල් කිලෝග්‍රෑම් 10 මේවන විට දිවයින පුරා බෙදාදීම ආරම්භ කර තිබේ.