Spread the love

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ මහා ජන ගඟකගේ සෝ සුසම් මැද සිදුකෙරුණි.

ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ඔහු ජීවත්ව සිටියදී ඔහු විසින්ම තනාගනු ලැබූ සුසාන භූමියේදීය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 16 වැනිදා පස්වරුවේය.

ඒ මහතාගේ දේහය රැස්ව සිටි පිරිසගේ සෝ සුසුම් මධ්‍යයේ පෙරේදා රාත්‍රියේ මතුගම යටදොළවත්තේ පිහිටි නිවසට රැගෙන ආවේය.

ඒ මොහොතේ සිට ඊයේ රාත්‍රියේත්, අද දවස දවස පුරා තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලනඥයින් හා ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද පෙරවරුවේ පැමිණ සිය පක්ෂයට මෙන්ම මෙරට ජනතාව වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකළ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් බුහුමන් දැක්විය.

ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අද පෙරවරුවේ තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරවය පුදකළේය.

සිය අසහාය දේශපාලන නායකයාගේ මේ හදිසි වියෝව ප්‍රදේශවාසී ජනතාවට තවමත් දරාගත නොහැකි කම්පනයකි.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වෙනුවෙන් අවමංගල්‍ය සභාව පස්වරු 2ට පමණ ඇරඹුණේ අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙනි.