Spread the love

සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට කිරීමට තීරණය කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

ඒ අනුව කොළඹ ගොල්ෆේස් ප්‍රදේශය, අලුත්කඩේ උසාවිය ප්‍රදේශය, බේරුවල, බෙන්තොට, හික්කඩුව, ගාල්ල, ඇල්ල යන ප්‍රදේශවල රාත්‍රී කාලයේ වැටලීම් සිදු කරන බවයි එහි අධ්‍යක්ෂක වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ සංජය ඉරසිංහ සඳහන් කළේ.

වැඩි මිලට ආහාර විකිණීම් සහ සංචාරකයින් අපහසුතාවට පත්වන ආකාරය සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම් අනුව මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ