Spread the love

මුල්කිරිගල ගුනරත්න

යතුරු පැදියක ගමන් කළ විදේශීය යුවලක් ඉදිරියෙන් ගමන් කල බස්රථයක පිටුපස ගැටීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා තංගල්ල මුලික රෝහලට ඇතුලු කර තිබේ.

අනතුරු සිදුවී ඇත්තේ පෙරේදා සවස 6.30 ට පමණය. බස්රථය පිටුපසින් පැමිණ මෙම යුවල බස්රථය නතර කිරීමෙත් සමගින් යතුරු පැදිය බස්රථයේ පිටුපස ගැටි තිබේ.
අනතුර සිදුවු ලංගම බස්රථයේ රියදුරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
රියදුරා අද (19) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය .
තංගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය සිද්ධිය පිළිබද වැඩි දුර පරීක්ෂණ පවත්වයි.