Spread the love

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවෙකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

මෙසේ කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදහන් වි ඇති කාසල්රි වතුයායේ පදිංචිව සිටි නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ඩයස් ප්‍රනාන්දු ක්ලින්ටන් (17) නැමති පාසල් සිසුවයි.

කාසල්රි ජලාශයට යාබදවම පදිංචිව සිටි ජිවිතක්ෂයට පත් සිසුවා සිය පවුලේ සමාජිකයන් සමග (18) දින පස්වරු 3.30 ට පමණ ජලාශයේ දිය නැමට ගොස් පාසල් සිසුවා කාසල්රි ජලාශයට බැස මෙගොඩ සිට එගොඩ දක්වා පිහිනමින් සිටියදි දියේ ගිලි අතුරුදහන් වි ඇති බවයි මියගිය සිසුවා සමග දිය නැමට ගිය පවුලේ සමාජිකයන් කියා සිටින්නේ.

දියේ ගිලි අතුරුදහන් වු පාසල් සිසුවාගේ සිරුර සොයා කාසල්රි ජලාශය භාර ආරක්ෂක අංශ නිලධාරින් , එම ජලාශයේ ධිවරයන් සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක් දියත් කර ඇත.

කාසල්රි ජලාශයේ දිය නෑම සිදු නොකරන ලෙසට ආරක්ෂක අංශ විසින් දැනුවත් කර තිබියදි එම පාසල් සිසුවා පවුලේ සමාජිකයන් සමග දිය නෑමට ගොස් ජලාශය හරහා පිහිනමින් සිටියදි දියේ ගිලි අතුරුදහන් වි ඇත