Spread the love

වව්නියාව දකුණ කලාප අධ්‍යාපන කාර්යාලය ආසන්නයේදී කාන්තාවක් ගමන්ගත් යතුරුපැදියක් සහ එම කාන්තාව පැලඳ සිටි ස්වාර්ණාභරණ කොල්ල කා පිරිසක් පලාගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

අදාල කාන්තාව වව්නියාව නගරයේ පිහිටි විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට යතුරුපැදියකින් සිය බිළිඳාද සමග ගමන්කොට ඇත්තේ සිය රාජකාරී උදෙසාය.

එම අවස්ථාවේදී මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු විසින් යතුරුපැදිය නවතා යතුරුපැදියේ සිටි බිළිඳාගේ ගෙලට තියුණු ආයුධයක් පෙන්වා කාන්තාව බියපත් කොට ඇය පැලඳසිටි රන් ආභරණද කොල්ල කා බිළිඳා දමා ඇය පැමිණි යතුරු පැදියද රැගෙන පලා ගොස් ඇත.

පසුව ඒ පිලිබඳව අදාල කාන්තාව විසින් මේ පිළිබඳව වව්නියාව පොලීසියට පැමිණිළි කොට ඇති අතර වව්නියාව පොලීසිය ඒ පිළිබඳවැ පරික්ෂණයක් ආරම්භ කොට ඇත.