Spread the love

ඉරාන ජනාධිපති ඊබ්‍රාහීම් රයිසි මහතා මෙරට සංචාරයක නිරත වීම හේතුවෙන් ඊශ්‍රායලයේ සිට මෙරට පැමිණ ගුවන් ගමන් නවතා දැමීමට ඊශ්‍රායල් ගුවන් සමාගම කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායල ගුවන් යානයට ගොඩවෙන ගුවන් මගින් දැඩි පරීක්ෂාවක්කට ලක් කර ඇත්තේ අධි ආරක්ෂිත උපකරණ හා විශේෂ පුහුණුව ලද ආරක්ෂකයන් විසිනි.

මෙම දැඩි පරීක්‍ෂා කිරීමට මෙරට ගුවන් යානා ඉංජිනේරුවන්ගේ ද කනස්සල්ල පළ වී තිබේ.

මෙම ඊශ්‍රායල් ගුවන් යානාව මෙරටට පැමිණෙන්නේ එරට සාත්තු සේවය ඇතුළු රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙනි.

එම ගුවන්යානය අත්හිටුවීමත් සමග ඩුබායි ගුවන් සේවය මගින් ශ්‍රායලයට මගීන් යැවීමට ගුවන් තොටුපල බලධාරීන් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයෙන් අනතුරුව නැවත එම ගුවන් ගමන් ඇරඹෙනු ඇති බවද විශ්වාස කෙරේ.