Spread the love

සංචාරකයින් සඳහා පමණක්භ් භාෂා පහකින් සමන්විත “ඊ වීසා”  ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි

ඒ අනුව ඕනෑම රටක ඉඳලා ලංකාවට පැමිණෙන සංචාරකයින්ට විතරක් නෙමෙයි. පළමුව සංචාරකයින්ගෙන් පටන් ගෙන ඊට පස්සේ අපි සියලුම වීසා වර්ගවලට ඔන්ලයින් තාක්ෂණය පාවිච්චි කරලා අයදුම් කිරීමේ හැකියාව මේ මඟින් සැලසෙයි.

රටේ ජාතික ආරක්ෂාව ගැන සැලකීමේ දී වඩාත් වැඩි ලේඛන ප්‍රමාණයක් ගැනීම ආදිය සලකා බලලා අපි භාෂා 5කින් මේක පවත්වාගෙන යයි.

සති 03ක් වැනි කාලයක් ඇතුළත මෙම ක්‍රමවේදය සියලුම වීසා ඉල්ලුම් කිරීම් සඳහා යොදා ගන්නා බව හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩි දුරටත් පැවසුවේය.