Spread the love

නිමල් රාජපක්ෂ-

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 02.35 ට හලාවට බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවට ඇතුලත් කිරීමේ දී දුම්රිය නියමිත ස්ථානයේ දී නවතා ගැනීමට එම දුම්රියෙහි කාර්‍යමණ්ඩලය අපහොසත් වීම මත වේදීකාව ද කඩා ගෙන එම දුම්රිය නැවතී ඇත.

එම අනතුර හේතුවෙන් කිසිවකුට හෝ අනතුරක් සිදුව නොමැති අතර දුම්රියේ ඉදිරි කොටස හා වේදිකාවේ කොටසකට හානී වී ඇත. සිද්ධිය වුයේ දහවල් 2.10 ට පමණය දුම්රිය ගමනාගමන කටයුතු සඳහා මෙය ගැටලුවක් නොමැති අතර මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමෙන් පරික්ෂණයක් සිදු කිරීමට නියමිතය