Spread the love

මින්නේරිය, යාය 04, ගිරිතලේ ප්‍රදේශයේදී සිදුකරන ද වෙඩි තැබීමකින් දාහත් හැවිදි සිසුවියක් රෝහල් ගත කර තිබේ.

වෙඩි වැදීමෙන් සිසුවියගේ ගෙල තුවාල වී ඇති අතර ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

සිසුවිය පවුලේ අය සමඟ ඥාති නිවසකට ගොස් සිටියදී ඊයේ රාත්‍රී කාලයේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

තුවාල ලැබූ සිසුවිය ‍ප‍්‍රදේශයේ වයස අවුරුදු හතළිහක පමණ පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ඔහු සමග එකම නිවසක කලක් වාසය කර ඇති බවටද තොරතුරු වාර්තා වී ඇත.

ඔහුගෙන් සිදුවන හිරිහැර දරාගැනීමට නොහැකිව ඇය යළිත් තම මවුපියන්ගේ නිවසට පැමිණිම හේතුවෙන් කෝපයට පත් වූ පුද්ගලයා විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටද තොරතුරු ලැබී ඇත.

මින්නේරිය පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටී.