Spread the love

අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ විෂය භාර ඇමති විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මතය.

රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන ලද අවුරුදු ගීතයක් මෙසේ විකෘති කර සමාජ ජාලා වලට මුදාහැර ඇත.

ඒ අනුව මීට වගකිව යුත්තන් සොයා ඔවුනට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යංශය පවසයි.