Spread the love

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමගින් ඊයේ 13 රාත්‍රී 9.05 අලුත් අවුරුදු උදාව සිදු විය.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකැත හෙට (15) හෙට පූර්ව භාග 10.17ට යෙදී තිබෙන බැවින් ශ්වේත්‍ර වර්ණ හෙවත් සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත්ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි