Spread the love

බීමත් රියැදුරෙක් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 5000 ක මුදල් ත්‍යාගයක් ලබා දීමට කටයුතු කරන බව රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසයි

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි, බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මෙසේ මුදල් ත්‍යාග පිරිනැමීමට පියවර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනයේදී  බීමත්ව රිය පදවන රියැදුරන් හඳුනාගැනීම සඳහා රුධිර පරීක්ෂණ කට්ටල 150,000ක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවත් සඳහන්.

මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 1,500 දෙනෙකු යොදවා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ වැඩිදුරටත් සඳහන් කරන්නේ.