Spread the love


සිංහල අවුරුදු වෙනුවෙන් අද සහ හෙට (13-14) දිනවල කාර්යාල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් මෙම දිනවල නගරාන්තර දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙයි.

එසේම විශේෂ කාල සටහනක් යටතේ දුම්රිය ගමන් වාර 06 ක් සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.