Spread the love

නැවත පදිංචි කරනු ලබන ජනතාවට අවශ්‍ය ජලය ,විදුලිය, වැසිකිලි පහසුකම් ඇතුළු මූලික යටිතල පහසුකම් ලබා දීම ද සිදු කරනු ලබන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එහිදී එක් පවුලක් සඳහා රුපියල් 30,000ක මුදලක් ලබාදෙනු ලැබේ.

මේ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ මූල්‍ය දායකත්වයෙන් පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා නැනෝ තාක්ෂණ ජල පිරිපහදු ඒකක 50ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් අවසන් කර තිබේ.

මෙම වර්ෂය අවසානයට ප්‍රථම උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා තවත් අලුතින් නැනෝ ජල ව්‍යාපෘති 50ක් ඉඳිකිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙයි.

ඒ අනුව ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා නිළධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය.