Spread the love

ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර පැවැත්වීමට බලාපොරොත්තු වන විවාද දෙකෙන් එකක්වත් එළඹෙන අලුත් අවුරුද්දට පෙර නොපැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේ තම පක්‍ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඕනෑම වෙලාවක විවාදයකට සූදානම් නමුත් ජාතික ජන බලවේග නායකයා මෙතෙක් ඒ සදහා දිනයක් වේලාවක් දැනුම් දී නැති බවයි.

එමෙන්ම තම පක්‍ෂයේ ආර්ථික කමිටුවද විවාදය සඳහා ඕනෑම මොහොතක ඕනෑම නාලිකාවක සූදානම් බව දැනුම් දී ඇති බව ඇති නමුත් ජාතික ජන බලවේග කණ්ඩායම මෙතෙක් ඒ පිළිබඳව දිනයක් වේලාවක් ලබා දී නැති බවද ඔහු කියා සිටියේය.

ජාතික ජන බලවේගය මෙම විවාදයන් මගහරින ස්වභාවයක් පෙනෙන්නට ඇති බවද පැවසූ ඔහු අලුත් අවුරුද්දෙන් පසුව හෝ මෙම විවාදයන්ට දින ලබා දෙන ලෙස යළි සිහිපත් කරන බවද පැවසුවේය.