Spread the love

රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරද්දී දෙමටගොඩ බේස්ලයින් සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසළදි සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඔරුගොඩවත්ත ‘චප්පා’ නමැත්තෙකි.

අනෙක් සැකකරු ත්‍රීරෝද රථයේ රියදුරා වන බොරැල්ල සහස්පුර පදිංචිකරුවෙකි.

ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1580 ක් පොලිස් භාරයට ගෙන ඇත.