Spread the love

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදුකළ යුතු බවයි එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ.

පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩහැර තමා‍ගේ වගකීම පැහැර හැරීම නිසා අධිකරණයෙන් වරදකරු වී මිලියන 100 ක වන්දියක් නියම වූවත්, ඔහු අදාළ කරුණු උසාවියට ඉදිරිපත් කර නොමැති බව මන්ත්‍රීවරයා චෝදනා කරයි