Spread the love

නිමල් රාජපක්ෂ-

ගතවු දින පහක් තුළ රුපියල් මිලියන 95 ක වියදමකින් වී කිලෝග්‍රෑම් 904,202ක් මිලදි ගෙන ඇතැයි වි අලෙවි මණ්ඩලය පවසයි.
මේ වනවිට දිවයිනේ වී වගා කරන ප්‍රදේශ කලාප හතකට බෙදා ඒ ඒ කලාපයේ වී මිල දී ගැනීම සඳහා මේ වනවිට ගබඩා 36ක් විවෘත කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.

වී මිල දී ගැනීමේ කටයුතු සදහා අවශ්‍ය වුවහොත් කලාප 07 තුළ පිහිටි තවත් වී ගබඩා 241 ක් අවශ්‍ය මොහොතේ විවෘත කිරීම සඳහා සූදානම් කර ඇත. මෙම ගබඩාවල සමස්ත ධාරිතාවය මෙට්‍රික් ටොන් 271,400කි.

මෙතෙක් මිල දී ගෙන ඇති වී වලින් වැඩී ප්‍රමාණයක් රතු නාඩු වී වේ. එම ප්‍රමාණය කිලෝගෑම් 904,202කි.

සුදු නාඩු වී ලැබී තිබෙන්නේ කිලෝ ග්‍රෑම් 4369ක් පමණි.

කෙසේ වුවද වී මිල දී ගැනීම සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේද පැවසුවේය.
“වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. නමුත් මේ වනවිට වී අලෙවි මණ්ඩලයට ගොවි ජනතාව වී අලෙවි කරන්නේ නැහැ. මොකද ඊට වඩා ඉහළ මිලකට පුද්ගලික අංශය මිල දී ගන්නවා. අපි වී මිල දී ගන්නේ රජයේ සහතික මිලට. ඒ අනුව නාඩු (සුදු හා රතු) කිලෝවක් රු. 105ක්, සම්බා රු. 120ක් හා කීරි සම්බා රු. 130ටත් අපි ගන්නවා.අපි වී මිල දී ගැනීම ආරම්භ කළාට පසුව රුපියල් 80ට 85ට තිබුනු වී මිල දැන් 105 ඉක්මවලා තිබෙන බවද පැවසුවේය..