Spread the love

මුල්කිරිගල ගුනරත්න

දෙමහල් නිවසක සගවා තිබු ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 235 ක් කාන්තාවක් ඊයේ (21) සවස අගුණකොලපැලැස්ස පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසියට ලද තොරතුරක මත වැටිය ,ඩී 06, යාය 09 ප්‍රදේශයේ පිහිටි සැකකාරියගේ නිවස සෝදිසි කිරීමේදී දෙමහල් නිවසේ උඩු මහලේ කුස්සියේ කොන්ක්‍රීට් ලෑල්ලක් මත සහල් උරයක දමා සගවා තිබූ ටී 56 උණ්ඩ තොගය සොයා ගැනිමට සමත්වී ඇත.
අත් අඩංගුවට ගත් 42 හැවිරිදි කාන්තාවගේ සැමියා වවුනියාව ප්‍රදේශයේ යුද හමුදා කදවුරකට අනුයුක්තව සේවය කරන කෝප්‍රල් වරයෙකු බව පොලිසිය පවසයි .ඔහු මෙම ජීව උණ්ඩ නිවසට රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැකකරයි .
සැකකාරිය අද (22) අගුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ,අගුණකොලපැලැස්ස පොලිස් ස්ථානාධිපති ,පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් ,උප පොලිස් පරීක්ෂක ලංකා ඇතුළු නිළධාරිහු මෙම වැටලිම සිදු කළහ.