Spread the love

ඩිල්ෂාන් මදුෂංක මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 4.6 ක මුදලකට මුම්බායි කණ්ඩායම විසින් මිලදී ගැනීමට කටයුතු කළ අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 17 ක පමණ වටිනාකමක් වනවා.

බංග්ලාදේශ තරග සංචාරයේ දී පාදයක ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට 2024 IPL තරගාවලිය සදහා දකුණු අප්‍රිකානු යොවුන් වේග පන්දු යවන්නෙකු වන Kwena Maphaka මුම්බායි සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන ඇත.