Spread the love

ජනපතිගේ කාලය දිගුකර ගැනීමේ සංශෝධණයක් සරල බහුතරයෙන් සම්මත කරලා කතානායක අත්සන් කලොත් අධිකරණය ඉදිරියේ අභියෝග කල නොහැකි නිසා මැතිවරණ සිතියම සදා කාලයට අතුරුදහන් කිරීමේ අවධානමක් මේතුල තිබෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ පැවති කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිලිබද විවාදයට එක්වෙමිනි.

ඔහු එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

‘වර්තමාන කතානායකවරයා නිහතමානි වැදගත් මහත්මයෙක් ලෙස අපි කාගේත් ගෞරවය දිනා ගත් පුද්ගලයෙක්. ඒ නිසා තමයි කිසිම තරගයකින් තොරව ආණ්ඩු පක්ෂයෙන් නම යෝජනා කරලා විපක්ෂයෙන් ස්ථිර කරලා සමස්ත පාර්ලිමේන්තුවම එකතු වෙලා එතුමාව කතානායක තනතුරට පත් වුණේ. ඒක දුර්ලභ අවස්ථාවක්. සාමාන්‍යයෙන් පරදින්න හරි විපක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. මේ විශ්වාස භංග විවාදයෙන් පෙන්නුම් කරන්නේ එදා සමස්ත පාර්ලිමේන්තුවම එතුමා ගැන තිබූ විශ්වාසය දැන් භංග වෙලා කියන එකයි.