Spread the love

පානදුර සිට ගාල්ල දක්වා ඇති ධීවර වරායන්හි අඩුපාඩු වහාම සකස් කරන්නැයි බලධාරීන් ධ්වර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා උපදෙස් ලබාදෙයි.

එසේ උපදෙස් ලබාදුන්නේ අද එම ප්‍රදේශයේ ඇති ධීවර වරායන්හි නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිණි.පළමුව ගාලුවරාය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ගාලු වරායේ තිබෙන පානීය ජලය බෙදාහරින වතුර ටැංකිවල තිබෙන්නා වු අඩුපාඩු වහාම සපුරාදෙන ලෙසත් එම වරායේ සවිකර තිබෙන CCTV පද්ධතිය අලුත්වැඩියා කරදෙන ලෙසද නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

තවද වරාය ජැටිය අබලන්ව තිබෙන බැවින් එය අලුත්වැඩියා කරන ලෙස ද ධීවර වරායේ සාමාන්‍යාධිකාරි මුදලිගේ මහතාට උපදෙස් දුන්නේය.දොඩම්දුව් ,විදේශිකයන් සදහා යොදා තිබෙන සර්පින් ක්‍රීඩා සිදුවන තැන් හික්කඩුව වැනි ස්ථාන මෙහිදි නිරික්ෂණයට ලක්කෙරිණ.