Spread the love

බලපා ඇති අධික වියළි කාලගුණ තත්ත්වය හමුවේ සම්පාදන ක්‍රම 16ක ජලය සැපයුම මුර ක්‍රමයට සිදු කරමින් තිබේ.

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධීකාරී අනෝජා කළු ආරාච්චි මහත්මිය සඳහන් කළේ මේ වන විටත් ජල මූලාශ‍්‍ර රථ දහ අටක් අවදානම් තත්ත්වය පවතින බවය.

එනිසා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජල පරිභෝජනය සිදු නොකරන ලෙසද ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.

මෙවර විට මුර ක්‍රමය යටතේ ජලය ලබාදෙන ප්‍රදේශ මෙසේය.

බේරුවල
අලුත්ගම
නිවිතිගල
නාරම්මල
ගම්පොළවත්ත
පුස්සැල්ලාව
අංකුඹුර
මීවතුර
පුස්සැල්ල
රත්තොට
හැටන්
කොටගල
ඌරුබොක්ක
බුත්තල
සූරියආර