Spread the love

2024 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුලදී උතුරු මුහුදු සීමාවන්ට අනවසරයෙන් ඇතුල්වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 146 දෙනෙකු සමග ධීවර යාත්‍රා 18 ක් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.

මේ අතර උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාවක් මඟින් ඩෙල්ෆ් මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධි ලෙස උතුරු මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු සමගින් ධීවර යාත්‍රා දෙකක් 16 වනදාද අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් අදාල ධීවරයින් පිරිස යාපනය අධිකරණයට ධීවර හා ජලජ සම්පත් කාර්යාල නිලධාරීන් විසින් ඉදිරිපත්කර තිබූ අතර ඒහිදී යාපනය අධිකරණය මගින් ඉන්දීය ධීවරයින් 21 දෙනා මේ මස (මාර්තු) 27 වනදා දක්වා බන්ධනාගාරගත කිරීඹට නියෝග කොට තිබුණි.

එමෙන්ම නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා කන්කසන්තුරෙයි වරාය වෙතට රැගෙනවිත් නාවික හමුදා භාරයේ තැබීමට පියවර ගනු ලැබීය.