Spread the love

න් ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක්…
March 19, 2024 at 3:12 am | lanka C news
සෞඛ්‍ය සේවාවෙන් ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක්…
බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව අත්හිටුවයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාවයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මෙම තීරණය ගෙන තිබේ.

බස්නාහිර පළාතේ වාර්ෂික ස්ථානමාරු සිදුකිරීමේදී ඒවා අවිධිමත් ලෙස සිදුව ඇති බවට චෝදනා කරමින් බස්නාහිර පළාතේ රෝහල් කාර්යමණ්ඩල සේවක සේවිකාවන් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මහජන දිනයට පැමිණ කරුණු ඉදිරිපත් කළහ.

බස්නාහිර පළාතේ රෝහල් කාර්යමණ්ඩලය සේවකයෝ 300 කට ආසන්න පිරිසක් මෙලෙස ඇමතිවරයා හමුවට පැමිණ සිටියහ.

ඔවුන් චෝදනා කලේ මෙම වාර්ෂික මාරු අවිධිමත් ආකාරයකට සිදුව ඇති බවයි.බස්නාහිර ආණ්ඩුකාර එයාර් වයිස් මාෂල් රොෂාන් ගුණතිලක මහතාට ඒ මොහොතේ දුරකථනයෙන් ඇමතූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඔවුන් සමඟ බස්නාහිර ආණ්ඩුකාර කාර්යාලයට ගොස් ආණ්ඩුකාරවරයා මුණ ගැසුණේය.

පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ මෙම වාර්ෂික මාරු සිදුකිරීමේදී වෘත්තීය සමිති ඉල්ලීම් සැලකිල්ලට ගත් බවයි. ඇතැම් සෞඛය වෘත්තීය සමිති මෙහිදී සේවක ඉල්ලීම් නොසලකා කටයුතු කර ඇති බව එම සාකච්ඡාවට එක්වූ සේවකයන් කියා සිටියහ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහිදී කියා සිටියේ ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිති ආයතන ප්‍රධානීන් හා සේවකයන් අතර ගැටුමක් ඇතිකර සෞඛය සේවාව කඩාකප්පල් කර ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

බහුතර සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන මෙම ස්ථානමාරු තාවකාලිකව අහෝසි කර විධිමත් ලෙස ඒවා ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේය. ඊට එකඟ වූ ආණ්ඩුකාරවරයා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ තාවකාලිකව මෙම ස්ථාන මාරු අවලංගු කර සියළුම සෞඛ්‍ය කාර්යමණ්ඩල ඉල්ලීම්ද සලකා බලමින් කිසිඳු පාර්ශවයකට ගැටළුවක් ඇති නොවන පරිදි වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කරන ලෙසයි.

ඉන් අනතුරුව බස්නාහිර පළාත් සභාවේ බිම් මහලේ සිටි සෞඛය සේවකයින් අසලට පැමිණි ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇතැම් සෞඛ්‍ය වෘත්තී සමිති සෞඛය සේවාව කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණය කරන බැවින් ඒවාට හසු නොවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය. ඔහු පෙන්වා දුන්නේ සේවක ගැටලු විසදීම වෙනුවට ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට බවයි.