Spread the love

රටේ පිළිගත් උදවිය මිලියන ගණන් වලට යටවෙලා යුක්තිය මෙහෙයුම නවතන්නැයි බලපෑම් කරන බව මහජන ආරක්‍ෂක ඇමති ටිරාන් අලස් මහතා පවසයි.

මාතර ප‍්‍රදේශයේදී උත්සය සභාවක් අමතමින් ඔහු මෙසේ පැවසීය.

අද අපි මෙතනට පැමිණියේ පොලිස්පතිතුමා ප්‍රකාශ කරපු පරිදි යුක්තිය මෙහෙයුම ගැන කියලා ඔබ සියලු දෙනා කළ යුතු දේ පැහැදිලි කරන්න.අපි මේ මෙහෙයුම පටන් ගත්තේ මාස තුනකට කලින්,ඊටත් මාස හයකට විතර කලින් මම පොලිස්පතිතුමාට කියා සිටියේ එතකොට එතුමා පොලිස්පති නෙමෙයි.මට මෙවැනි දෙයක් කරන්න අවශ්‍යයි කියලා.අපි ඒකට අවශ්‍ය කටයුතු කරන්න සැලසුම් කරන්න කමිටුවක් පත් කෙරුවා. පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ පත් කරපු කමිටුව මාස හයක් විතර ගියාට පස්සේ අපි එක්ක සාකච්ඡා කරලා අපි මේ මෙහෙයුම කරන්නෙ කොහොමද කියන එක තීරණය කෙරුවා. ඉන්පසු දේශබන්දු තෙන්නකෝන් මහතාව වැඩ බලන පොලිස්පති හැටියට පත් කරගත්තට පස්සේ මම තීරණය කෙරුවා මෙහෙයුම පටන් ගන්න.

මට අවශ්‍ය වුණේ දකුණු පළාතේ විශේෂයෙන් එක දවසකින් මුළු දකුණු පළාතම මෙවැනි රැස්වීම් මාලාවකින් ආවරණය කරන්න.අපි ගිය වසරේ දෙසැම්බර් 16 වැනිදා ඒ රැස්වීම් මාලාව කරලා එදා තමයි අපි මහජනතාව දැනුවත් කෙරුවේ 17 වැනිදා පහුවදා උදේ ඉඳන් මෙම මෙහෙයුම පටන් ගන්නවා කියල මම මේ ඇමතිකම බාරගත්තට පස්සේ මම දැකපු එකක් තමයි මේ කුඩු ජාවාරමෙයි පාතාලයෙයි තියෙන ප්‍රශ්න අපේ රටේ තරුණ තරුණියන් පුතාලා දුවලා අම්මල තාත්තලා කවුරුත් ඇවිල්ලා තිබුන හැටි දැක්කා.එවැනි දෙයක් දැකපු නිසා තමා මම මේ මෙහෙයුම කරන්න තීරණය කෙරුවේ අපි මෙහෙයුම පටන් ගත්ත දවසෙ ඉඳන් කාටවත් කිසිම බුරුලක් නොදී මේ මෙහෙයුම ආරම්භ කරපු දවසේ ඉඳන් අද වෙනකම් කරගෙන යනවා.

ඒ දේ කරන්නේ ඔබ සියලු දෙනා වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ දූ දරුවන් වෙනුවෙන් අප රටේ සියලුම මහජනතාව වෙනුවෙන්.එහෙම හිතලා කරන මේ මෙහෙයුම මේ කුඩු තුරන් කිරීම සහ පාතාලය තුරන් කිරීම අපි කිසිදු බලපෑමකට යටත් නොවී දිගටම කරගෙන යනව ඔබ සියලු දෙනා දන්නවා මේ කුඩු ජාවාරමේ තියෙන මුදල් ප්‍රමාණය මිලියන ගණනින් සල්ලි විසි කරන්න ලෑස්ති අපේ මේ මෙහෙයුම නවත්වන්න. සමහර රටේ පිළිගත් උදවිය මේ මිලියන ගණන් වලට යටවෙලා ඔවුනුත් අපට බලපෑම් කරනවා. ඒ අතර සමහර නීතිඥ මහත්වරු ඉන්නවා.NGO කට්ටිය ඉන්නවා. බලවත් තව පුද්ගලයින් ඉන්නවා.ඒගොල්ලන් දැන් මේ දවස්වල ලොකුම දේ කරන්න හදන්නේ පොලිස්පතිතුමාගේ පොලිස්පතිකම නැති කරන්න ජාත්‍යන්තරයෙන් බලපෑම් එනවා.අපිට ලියුම් එවනවා. නිවේදන නිකුත් කරනවා. මේ දේවල් කරන්න කියලා. මම හැබැයි සියලු දෙනාටම කියන්න කැමතියි.ඒ මොන බලපෑම් ආවත් පොලිස්පතිතුමාට මොන බලපෑම් කෙරුවත් ඔහුව ඒ තනතුරෙන් ඉවත් කරන්න.