Spread the love

බස් රථයක් ප්‍රපාතයකට පෙරලී යාමෙන් එක් අයෙකු මරණයට පත් වී තිස් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ පේරාදෙණිය යහලතැන්න ප්‍රදේශයේදී.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වන්දනා කිරීමට පැමිණ ආපසු යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇත.

පොලිසිය සඳහන් කරන්නේ රියදුරැට රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙසේ පල්ලමකට පෙරලී ගොස් ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ 38 දෙනෙකු පේරාදෙණිය රෝහලට ඇතුලත් කර ඇති අතර මරණයට පත්වී ඇත්තේ ඉන් අයෙකි.