Spread the love

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් රැගත් බස් රථයක් පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය, යහලතැන්න ප්‍රදේශයේදී අනතුරට ලක්වි එක් අයකු මියගොස් 37 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා පේරාදෙණිය රෝහලට ඇතුළු කර තිබේ.

අනතුර සිදුවි ඇත්තේ ඊයේ සවස් කාලයේදීයි

බැතිමතුන් රැගත් බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් තිබියදී බස් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මීටර් 15ක් පමණ බෑවුමකට ලිස්සා ගොස් බස් රථය ගසක ගැටී එම අනතුර සිදුව ඇත.
තුවාලකරුවන් අතරින් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මහනුවර රෝහල වෙත මාරුකරු තිබේ.
සිද්ධිය පිළිබද පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.