Spread the love

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් මෙය තමන්ගේ පෞද්ගලික අදහස බවත් පක්ෂයේ මතය පසුව ප්‍රකාශ කරනු ඇති බවත් පැවසීය.

මහ මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳවද නීතිමය ගැටළුවක් නොමැති බවත් පවසන ඔහු තම පක්ෂයේ ජේෂ්ඨයන් අතරද කලින් පැවැත්විය යුත්තේ කුමන මැතිවරණයදැයි විවිධ මත සාකච්ඡා වෙමින් ඇති බවත් සඳහන් කළේය.

නමුත් අවසානයේ සියලුම දෙනා පක්ෂයේ අවසන් මතයට ගරු කරනු ඇති බවද හෙතෙම කියා සිටී.

ඉදිරි සති කිහිපය ඇතුළත පළමුව පවත්වන්නේ කුමන මැතිවරණදැයි ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා කර රටට ප්‍රකාශ කරන බවත් ඔහු තවදුරටත් පැවසීය.