Spread the love


නිමල් රාජපක්ෂ-

වස්කඩුව කලපුගම ,මාවල ,පරගස්තොට ඇතුළු බල ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් ,මත්පැන් නිෂ්පාදනාගාර යක් හාබලපත්‍ර නොමැතිව බීඩි කර්මාන්ත යේ නිරත පුද්ගලයින් වටලා 23දෙනකු වටලා අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් පන්ලක්ෂ හතළිස් එක් දාහක ( 5 41000/-)දඩ මුදලක් අයකර ගැනීමට කළුතර සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.


මෙම සෝදිසි මෙහෙයුම් වලදි වස්කඩුව කලපුගම ප්‍රදේශයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ගෝඩා මිලිලීටර් අටලක්ෂ දහදාහක් ,බැරල් 4 ක් දගර ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත්වු බව කළුතර සුරාබදු ස්ථානාධිපති ප්‍රදීප් ජයවර්ධන මහතා පවසයි.


අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 90.000/ දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට තිබිණ.
බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය බීඩි කර්මාන්ත ශලාවක් මාවල ප්‍රදේශයෙන් වටලා බීඩි 26000 ක් සමගින් එක් සැකකරුවකුද,පරගස්තොට ප්‍රදේශයේ බීඩි කර්මාන්න ශාලාවක් වටලා බීඩි 6500 ක් සමගින් එක් සැකකරුවකද අත්අඩංගුවට ගෙන සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතා වෙත ඉදිරිපත් කිිරීමෙන් පසු මාවල ප්‍රදේශයේ සැකකරුට රුපියල් 125000/ දඩ මුදලක්ද , පරගස්තොට සැකකරුට රුපියල් 26000/ සමථ ගාස්තුවක් නියමකොට ඇත.


මීට අමතරව බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස බියර් හා මත්පැන් අලෙවි කළ ස්ථාන 20 ක්වටලා සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් විසි දෙනාට එක් අයෙකුට රුපියල් 15000/ දහස බැගින් රුපියල් 300 000/දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත් වරයා නියමකොට ඇත.

සහකාර සුරාබදු කොමසාරිස් සමත්ත කොස්තා මහතාගේ උපදෙස් මත, කළුතර සුරාබදු අධිකාරී සුගත් කොලොන්න මහතාගේ අධීක්ෂණය යටතේ , කළුතර සුරාබදු ස්ථානාධිපති ප්‍රදිප් ජයවර්ධන මහතාගේ මෙහෙයවිමෙන් ,සුරාබදු පරීක්ෂක ධම්මික චතුරංග , සැරයන් කෝසල සමන්ත , කෝප්‍රල්වරුන්වන ටී.ආර් කුමාර ,උමේෂ් ජයසුරිය ,නියාමක රාජපක්ෂ ,රියදුරු වරුනද සිල්වා කාන්තා නියාමිකා දිල්හාරා යන නිලධාරීහු මෙම වැටලිම් සිදු කළහ.