Spread the love

මුල්කිරිගල ගුණරත්න

වන සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා බදින තුවක්කු දෙකක් ලග තබාගත් ගොවියෙකු තංගල්ල විතාරන්දෙනිය ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරු විතාරන්දෙනිය ,තේනගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදී තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා තංගල්ල මූලස්ථාන පොලිසියට බාර දී තිබේ .
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් මෙම වැටලීම සිදු කළහ.
.